
සිංගප්පූරුව සහ මැදපෙරදිග අතර සුවිශේෂී භූගෝලීය පිහිටීමත් හම්බන්තොට ඉදිවූ නව ගැඹුරු වරායත් වැනි සාධක නිසා අපනයන මූලික ඛණිජ තෙල් පිරිපහදු ව්‍යාපෘති මෙන්ම වෙනත් අපනයන සැකසුම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවප්‍රශස්ථ ආයෝජන තෝතැන්නක් බව පත්ව ඇත.
මෙවන් පසුබිමක් තුල සුවිශේෂී ආයෝජන ඉමක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ උත්සාහයේ සෘජු ප්‍රථිපලයක් ලෙස ඛණිජ තෙල් සහ ගල් අගුරු වෙළඳමෙහි ප්‍රමුඛ සිංගප්පූරුවේ පුද්ගලික සමාගමක් වන සුගී එනර්ජි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමට අනුබද්ධිත සමාගමක් ලෙස හම්බන්තොට ඔයිල් රිෆයිනරි පුද්ගලික සමාගම වෙතින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ආයෝජන යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මෙම යෝජිත ආයෝජනය හරහා අපනයන වෙළඳපොළ ඉලක්කකර ගනිම්න් දිනකට බැරල් 420.000 ක ධාරිතාවයකින් යුත් ඛණිජ තෙල් පිරිපහදු කිරීමේ සංකීර්ණයක් හම්බන්තොට ඉදිකිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියේ අපේක්‍ෂිත ආයෝජනය ඇ. එ. ජ. ඩොලර් බිලියන 24 ක් වන අතර එය මාස 60 ක කාලයක් තුලදී සම්පූර්ණ කිරීමට ද අපේක්‍ෂිතයි. මෙය මෙතෙක් ශ්‍රී ලංකාව අත්පත්කර ගන්නා ඉහළම කේවල සෘජු විදෙස් ආයෝජනය ලෙස වාර්තාගත වේ. මූලික අදියරේදී ඛණිජ තෙල් පිරිපහදුව ඉදිකිරීමටත් ඉන් අනතුරුව ඛණිජ රසායනික සංකීර්ණයක් සංවර්ධනය කිරීමත් ආයෝජන සැලසුමට ඇතුලත්වේ. ඛණිජ තෙල් පිරිපහදුවෙන් අපේක්‍ෂිත වාර්ෂික අපනයන ආදායම ඇ. ඩොල්ර් බිලියන 8- 9 ත් අතර වනු ඇත.
ආයෝජන මණ්ඩලය විසින් පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම ව්‍යාපෘතිය ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර ඇති අතර නුදුරේදී අමාත්‍ය මණ්ඩලයේ සහ අදාල සියලුම රාජ්‍ය ආයතනවල අනුමැතීන් ලබාගැනීමට ද නියමිතයි. ආයෝජන මණ්ඩලය සමග අත්සන් තැබූ ආයෝජන ගිවිසුම ප්‍රකාරව ඊලග පියවර වන්නේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මධ්‍යම පරිසර අධිකාරියේ නියමයන්ට අනුකූලව අංග සම්පූර්ණ පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව ලබාගැනීමයි. මෙම පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාව සෞඛ්‍ය හා සුරක්‍ෂිතතා තක්සේරුවකින් වඩාත් ශක්තිමත් කරනු ලබන අතර එය අනිවාර්ය සාධකයක් නොවූවද එමගින් ව්‍යාපෘතියේ ජීව ගුණයට සහ තිරසර බව තහවුරු කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් ජනිතවන සෘජු රැකියා ප්‍රමාණය 6500 ක් පමණ වනු ඇත. එම රැකියා මධ්‍යම මට්ටමේ සිට ඉහළ නිපුණතා මට්ටම දක්වා පරාසක විහිදී යයි. ඊට අමතරව අදාල ආධාරක සේවාවන් ආශ්‍රීතව වක්‍ර රැකියා විශාල වශයෙන් බිහිවනු ඇත. මෙම නව ව්‍යාපෘතිය හම්බන්තොට වරායට ද්‍රව භාණ්ඩ නැව්ගත කිරීම පුඵල්කරන උත්ප්‍රේරක ආයෝජනයක් ලෙස සැලකිය හැක. එමෙන්ම බොර තෙල් සහ නිමි භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන නැව් වලට සේවාවන් සැපයීම තුලින් ද විශාල විදේශ විණිමය ප්‍රමාණයක් උපයා ගැනීමට ද හැකිවනු ඇත. තවද මෙම ව්‍යාපෘතිය මගින් ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ගවලට ආසන්නව පිහිටා සිටීමේ උපරිම වාසිය ලබා ගනිම්න් හම්බන්තොට වරාය සමුද්‍ර බංකර වරායක් බවට පරිවර්තනය කර ගැනීමේ ශක්‍යතාවයක් ඇත.
ලංකාවේ වර්තමාන ආර්ථික ප්‍රමුඛතාවය වන්නේ අපනයන අභිමුඛ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි. ඒතුලින් ඉහළ ආදායම් උත්පාදක රැකියා බහුල වන අතර වේගවත් සහ තිරසාර ආර්ථික වර්ධනයක් අත්පත්කරගත හැකිවනු ඇත. රටේ ජාතික ආර්ථික අරමුණු කරා එතුලින් ලගා වීමට හැකිවේ.
මාධ්‍ය හා ප්‍රචාරණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
2019.11.14